අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
2023 අගෝස්තු මාසයේ දී එම කොට්ඨාසය හමුවට පැමිණි පැමිණිල්ලක දී පැමිණිලි පාර්ශවයට වාසි වන අයුරින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් මත නෙවිල් සිල්වා මහතාට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා විසින් පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට තහවුරු වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් නෙවිල් සිල්වා මහතා අද (10) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.