කුප්‍රකට කොලොම්බියානු මත්ද්‍රව්‍ය අධිපති Pablo Emilio Escobar Gaviria, උපත ලබන්නේ 1949 දෙසැම්බර් 1 වන දින කොලොම්බියාවේ රියෝනෙග්‍රෝ හිදී.
සාමාන්‍ය පවුල් පසුබිමක හැදී වැඩෙන එස්කොබා “The king of cocaine” එසේත් නැති නම් කොකේන් රජු ලෙසින් ගෝලීය කොකේන් වෙළඳාම පාලනය කරමින් අතිවිශාල ධනයක් සහ බලයක් රැස්කරන්නේ මෙඩලින් කාටෙල්හි ප්‍රධානියා බවට පත්වෙමිනි. ඔහුගේ අධිරාජ්‍යය ඔහුට සිතාගත නොහැකි ධනයක් ගෙන ආ අතර, එය ප්‍රචණ්ඩත්වය, දූෂණය සහ බලාපොරොත්තු සුන්වීමේ විනාශකාරී මාවතක් ද ඉතිරි කළේය.

1970 ගණන්වල අග භාගය වන විට, එස්කොබාර් කොකේන් වෙළඳාමේ කේන්ද්‍රීය චරිතයක් ලෙස ස්ථාපිත විය. කොකේන් නිෂ්පාදනය මෙන්ම බෙදාහැරීම අතින්ද ඒකාධිකාරයක් ගොඩනගා ගත් එස්කොබාගේ කාටලය එහි උපරිම අවස්ථාවෙහිදී දළ වශයෙන් 80% ගෝලීය කොකේන් වෙළෙඳපොළ අත්පත් කරගෙන සිටින ලදී.
ඒ අතරින් දිනකට කොකේන් ටොන් 15ක් එක්සත් ජනපදයට ප්‍රවාහනය කිරීම එස්කොබාර්ගේ මෙහෙයුම් වල ප්‍රබලතාවය සහ ඔහු කොකේන් වෙළෙඳපොළ තුල රදවාගත් ඒකාධිකාරය ඉස්මතු වන ප්‍රබල අවස්තාවකි.
එස්කොබාර්ගේ පෞද්ගලික ධනය සදහටම පුරාවෘත්තයක්ම පමණි. 1980 ගණන්වල අගභාගයේ ඔහුගේ බලයේ උච්චතම අවස්ථාව වන විට ඔහුට හිමි හඳුනාගත් වත්කම් වලින් පමණක් එවකට ,ලෝකයේ හත්වන ධනවත්ම පුද්ගලයා ලෙස ලැයිස්තුගත කළේය.

ඩොලර් බිලියන 30 ක පමණ ධනස්කන්ධයකට එස්කොබා හිමිකම් කියූ අතර අදට සාපේක්ෂව ගතහොත් එය ඩොලර් බිලියන 70 කට පමණ සමාන මුදලකි.
අපරාධ ලෝකය තුල වැජබීම වෙනුවෙන් මුදලට අමතරව අවශ්‍ය ප්‍රචණ්ඩත්වය ද එස්කොබා සතුව යහමින් තිබිණි. ත්‍රස්තවාදී කල්ලියකට සමාන අන්දමින්, මෙඩලින් කාටෙලය සතුව අසමසම සම්පත් පැවති අතර, sicarios (ප්‍රහාරකයන්) ඇතුළුව 20,000 කට වැඩි ක්‍රියාකාරීන් සිටින හමුදාවක් ද පවත්වාගෙන ගොස් තිබේ. ප්‍රතිවාදීන් තුරන් කිරීමට සහ බලධාරීන් බිය ගැන්වීමට ඔහු ප්‍රචණ්ඩත්වය මෙවලමක් ලෙස භාවිතා කළේය. ඔහුගේ පාලනය පොලිස් නිලධාරීන්, විනිසුරුවන් සහ දේශපාලනඥයන් 500 ක් ඇතුළුව 4,000 කට වැඩි පිරිසකගේ මරණයට හේතු වූ බව ගණන් බලා ඇත.
එස්කොබාර්ගේ ඉතාම නින්දිත ක්‍රියාවක් වූයේ 1989 දී Avianca Flight 203 බෝම්බ හෙලීමයි.
එම ප්‍රහාරය ජනාධිපති අපේක්ෂකයෙකු ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ලෙස සැලකෙන නමුත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මිය ගොස් ඇත.
මීට අමතරව කොලොම්බියාව දණ ගැස්වූ බෝම්බ ප්‍රහාර ඇතුළු ඝාතන සහ පැහැරගැනීම් ගණනාවක් ද බැර වන්නේ එස්කොබාගේ ගිණුමටය.

කෙතරම් අපරාධ ලොව රජෙකු වුවත්එ ස්කොබාර් කොලොම්බියාවේ දුප්පතුන් අතර රොබින් හුඩ් රූපයක් වගා කළේය. ඔහු මෙඩලින්ගේ මුඩුක්කු ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති, පාසල් සහ ක්‍රීඩා පහසුකම් සඳහා අරමුදල් සැපයූ අතර ඒ හරහා ඔහුට බොහෝ දෙනාගේ පක්ෂපාතිත්වය උපයා ගත හැකි විය.
බැටලු හමක් පොරවාගත් මේ නරියාගේ වෑයම තමා වටා සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ගොඩ නගාගැනීම බව ජනතාවට නොතේරුණේද, එසේත් නැතිනම් එස්කොබාගේ බලයට අභියෝග කිරීමා තරම් ජගතෙක් නොවූ බැවින් නොතේරුණා සේ සිටියාද යන්නට පිළිතුරු බැදිය හැක්කේ එවක විසූ කොලොබියානුවන්ටම පමණි.

ලොවක් නැටවන්නට තරම් මුදල් සහ බලය තිබුනද, එස්කොබාර්ගේ ආධිපත්‍ය 1990 ගණන්වල මුල් භාගයේදී බිඳ වැටීමට පටන් ගැණිනි. ජාත්‍යන්තර පීඩනය යටතේ කොලොම්බියානු රජය මෙඩලින් කාටෙලයට එරෙහිව දියත් කරන ලද යුද්ධයෙන් 1991 දී, එස්කොබා යටත් වූ අතර ලා කැටඩ්‍රල් බන්ධනාගාරයේ ඔහුව සිරගත කෙරිණි. ඒ නමුත් වසරකට පසුව බලධාරීන් ඔහුව මාරු කිරීමට උත්සාහ කළ විට පැන ගිය බවයි සදහන් වන්නේ.
1993 දෙසැම්බර් 2 වෙනිදා, කොලොම්බියානු පොලිසිය, එක්සත් ජනපදයේ ඔත්තුසේවාවේ සහාය ඇතිව, එස්කොබාර්ව මෙඩලින්හි සැඟවී සිටින ස්ථානයක් වැටලීමට කටයුතු කරන ලදී. දෙපිරිස අතර සිදු වූ දරුණු වෙඩි හුවමාරුවකින් අනතුරුව, The king of cocaine නොහොත් Pablo Emilio Escobar Gaviria සදහටම නිහඩ කොට දමන්නේ බලය ධනය පිරි මෙඩලීන් කාටලයද බිමට සමතලා කර දමමිනි.