මේ කතාව මිනීමරු කාන්තාවක් ගැන. හරියටම කියනවා නම් දකුණතින් ගත් පිස්තෝලෙන් තමන් ඉදිරියේ සිටි පුද්ගලයට උණ්ඩ හයකින් සංග්‍රහ කළ ජර්මානු ජාතික Marianne Bachmeier ගැන.

Marianne උපදින්නේ 1950 ජූනි 3 වෙනිදා බටහිර ජර්මනියේ සාර්ස්ටෙඩ් හිදී. තමන්ගේ පියා මත්පැන් වලට අධික ලෙස ලොල් වූ පුද්ගලයෙක් වූ බැවින් Marianne ගත කළ ළමා කාලය එතරම් සුන්දර වූයේ නැත.
ළමා කාලයෙන් පසුවද සුමට සුන්දර ජීවිතයකට උරුමකම් නොකියූ Marianne තිදරු මවක් ලෙසට විවිධ හැළ හැප්පීම් අතරින් ජීවිතය ගත කරන්නට වුණා.
ඇගේ ජීවිතය කෙතරම් කටුකද යත් , 1981 මාර්තු 06 වන දින දී බටහිර ජර්මනියේ ලුබෙක් දිස්ත්‍රික් අධිකරණයෙහි පෙනී සිටින ලෙසට ඇයට කැඳවීමක් ලැබෙනවා.
විශාල කබායකින් සැරසී තමන්ගේ දෑත කබායේ සාක්කු අතර සඟවාගෙන උසාවියට ගොඩවන මරියානේට,
අධිකරණයෙන් කැඳවීමක් ලැබුණේ ඇයි?
ඇගේ වරද කුමක් ද?
ඇයට ලැබෙන දඬුවම කුමක්ද?
එක් වරම අධිකරණ භූමියෙන් මහා වෙඩි හඩක් ඇසෙන්නට විය.
කුමක් කෙසේ සිදුවීද යන්න සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැතිව කලබල වූ අධිකරණ භූමියේ සිටි සියලුදෙනාට දැක ගැනීමට ලැබුණේ , වෙඩි උණ්ඩ හයක් පපුවට වැදී බිම ඇද වැටී සිටි මරියානේගේ අසල්වැසි 35 හැවරිදි Klaus Grabowski සහ 22-කැලිබර් බෙරෙටා වර්ගයේ පිස්තෝලයක් klaus දෙසට දිගු කරගෙන සිටි Marianneත් ය.
කෙතරම් දුක් කම්කටලු මැද සිටියත් සිරගත කිරීමට තරම් වරදක් නොකළ Marianne එක් ක්ෂණයෙන් මනුෂ්‍ය ඝාතනයකටත් නීති විරෝධී ගිනි අවි භාවිතයටත් වරදකාරියක් විය.
ප්‍රතිඵලය නම් මරියානේට වසර හයක සිර දඬුවම් භුක්ති විඳීමට සිදුවීමයි.
නමුත් කතාවේ අපැහැදිලි කොටස නම්,වරදක් නොකළ මරියානේට අධිකරණයෙන් කැඳවීමක් ලැබීමටත් ඇය අහේතුකව තම අසල්වැසියාට වෙඩි තැබීමටත් හේතුව කුමක්ද යන්නයි.
ඇගේ වෙඩි පහර කිසිසේත්ම අහේතුකව එල්ල වූවක් නොවේ.
1981 මාර්තු 06වනදා සැබවින්ම ඇය ලුබෙක් දිස්ත්‍රික් අධිකරණයට ගොඩ වන්නේ අධිකරණයෙහි විභාග වෙමින් පැවති පැය කිහිපයක් නිවසේ රඳවා තබා දූෂණය කොට ගෙල සිරකර මරා දැමූ සාහසික අපරාධයට මුහුණ දී මෙලොව හැරගොස් සිටි සුන්දර ඇනා තම දියණිය වූ බැවිණි.
“ඔහු මගේ දුව මැරුවා..මට ඔහුව මරා දැමීමට අවශ්‍ය වුණා.
මට ඕන උනේ ඔහුගේ මූණටම වෙඩි තියන්න.”

තම සිඟිති දූපැටියාට යුක්තියත්, සාහසිකයාගෙන් පළිගැනීමේ ආත්ම තෘප්තියත් දෝතින් ගත් 46 හැවිරිදි Mrianne Bachmeier අග්න්‍යාශයේ වැළඳුණු පිළිකාවක් හේතුවෙන් 1996 සැප්තැම්බර් 17 තම අවසන් කැමැත්ත පරිදි ලුබෙක්හි බර්ග්ටර් සුසාන භූමියේ තම දියණිය අසලින්ම නිදන්නට වුණා.