පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
අයහපත් කාලගුණයෙන් පොතුවිල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට සිදු වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වු මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් දිවයිනේ මාර්ග සහ පාලම් රැසක් හානි සිදුවී ඇති බවට තොරතුරු වාර්තාවන බව එම අධිකාරිය පැවසුවේය.
මේ හේතුවෙන් අදාළ මාර්ග පිළිබඳව තොරතුරු රැස්කර ඒවා කඩිනමින් යළි පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී . සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්ව ගමනාගමනය නවතා තිබු මනම්පිටිය – අරලගංවිල මාර්ගය ද ඉතාමත් කෙටිකාලයක් තුළ යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.