By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: උත්සව සමය ඉලක්ක කර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > උත්සව සමය ඉලක්ක කර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්
ආර්ථිකදේශීය

උත්සව සමය ඉලක්ක කර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්

Last updated: December 1, 2024 11:56 am
2 Min Read
Share

උදා වී ඇති දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද (01) දිනයේ සිට ජනවාරි 15 දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

එම අධිකාරිය පැවසුවේ උත්සව සමය තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගන්නා ඇඳුම් පැළඳුම්, කල් පවත්නා භාණ්ඩ, විදුලි උපරකණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළඳසැල් වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවය.

මෙම වැටලීම් සිදු කිරීමේදී භාණ්ඩවල සඳහන් මිලට වෙළඳසැල් තුළ විකිණීම, භාණ්ඩ මිල සඳහන් කර ප්‍රදර්ශනය කර විකිණීම, භාණ්ඩ විකිණීමේදි විධිමත් බිල්පත් නිකුත් කිරීම මගින් විධිමත් වෙළඳාමක් සිදුවන බවට විමසිලිමත් වීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීමට ද නියමිතව තිබේ.

මීට අමතරව ජංගම වෙළඳුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පිළිබඳව ද එම අධිකාරිය විශේෂ අධීක්ෂණයට ලක් කිරීමට නියමිතය. 

මේ අතර එහිදී කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරමින් නොයෙකුත් භාණ්ඩ වෙළඳපොළ වෙත පැමිණීමේ ඉඩකට වැඩි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් පසුගිය දින කිහිපය පුරාව වැටලීම් සිදුකරනු ලැබූ තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට සිදු කරමින් පවතින බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධව මහජනතාවට පැමිණිලි ඇත්නම් 1977 දරන දුරකථන අංකය වෙත තොරතුරු ලබා දිය හැකි බවද එම අධිකාරිය මහජනතාවට දැනුම්දී තිබේ.

TAGGED:Holiday SeasonTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?