නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ (25) රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290ක් සහ ත්‍රීකුණාමලයට කි.මී. 410ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.