බදුල්ල – බිබිල මාර්ගයේ කිලෝමීටර් 143 සහ 144 කණුව අතර ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (25) පෙරවරු 6.30 සිට පස්වරු 6.00 දක්වා අදාළ මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කෙරෙන අතර පස්වරු 6.00 සිට හෙට (26) පෙරවරු 6.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බව පොලිසිය දන්වා සිටියේය.
අදාළ මාර්ගයට ඉහළින් කන්ද නාය යෑම හේතුවෙන් 2024.11.18 දින සිට ගමනාගමනය නතර විය.
අනතුරුව ඊයේ (24) එම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂාවට ලක් කෙරුණා.
පවතින කාලගුණික තත්ත්වය අනුව මාර්ගයේ විවෘත වේලාවන් වෙනස් විය හැකි බව වැඩිදුරටත් දන්වා ඇති අතර පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානයේ ආරක්ෂාව සහ රථවාහන කළමනාකරණ රාජකාරි සඳහා යොදවා ඇති බවද වැඩිදුරටත් දන්වා ඇත.