Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා.
මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන Voice Message, ඝෝෂාකාරි ස්ථානයකදී Text Message ලෙස කියවීමට හැකියි.
WhatsApp හෝ වෙනත් පිට පාර්ශවයන්ට මෙම Voice Message හෝ ඔවුන්ගේ Chatsවලට ප්‍රවේශ විය නොහැකි බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ ජංගම දුරකථන මත සකසනු ලබන බවයි Whatsapp සමාගම සඳහන් කරන්නේ.
අදාළ පණිවුඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් කරන බවයි දැනට එම සමාගම පවසන්නේ.
මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.