By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Tuesday, May 20, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මුතුරාජාගේ ඇත්දළ කපන්න තායිලන්ත පශු වෛද්‍යවරුන් අවසර ඉල්ලයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > මුතුරාජාගේ ඇත්දළ කපන්න තායිලන්ත පශු වෛද්‍යවරුන් අවසර ඉල්ලයි
විදේශීය

මුතුරාජාගේ ඇත්දළ කපන්න තායිලන්ත පශු වෛද්‍යවරුන් අවසර ඉල්ලයි

Last updated: November 22, 2024 4:57 pm
2 Min Read
Share

පසුගිය වසරේ මෙරටින් තායිලන්තය වෙත රැගෙන ගිය 30 හැවිරිදි වියේ පසුවන මුතුරාජා හෙවත් සක් සූරීන් ඇතාගේ ඇත් දළ කපා ඉවත් කිරීමට එරට ලම්පෑන්ග් ප්‍රදේශයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන් තීරණය කර තිබෙන බව තායිලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, දිගින් දිගටම වර්ධනයවන ඇත් දළ මේ වනවිට පොළව ස්පර්ශ කරන බැවින්, එහි බර ඇතාට දැඩි අපහසුතාවයක් ගෙන දෙන නිසයි.

ලම්පෑන්ග් අලි රෝහලේ පශු වෛද්‍ය වරංඛනා ලන්කාෆින් සඳහන් කර ඇත්තේ, ඇත් දළවල බර නිසා ඇතා හිස පහත් කරගෙන ඇවිදින බවයි.

එමෙන්ම සක් සූරීන්ගේ බර සහ දිග නිසා හස්තියාගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ලවන බවත්, මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් එය සෞඛ්‍ය ගැටළුවලට තුඩු දෙනු බවත්, වෛද්‍යවරයා පවසනවා.

මෙම ක්‍රියාව සඳහා පශු වෛද්‍ය කණ්ඩායම විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගෙන ඇති අතර, ඇත් දළ කෙටි සහ සැහැල්ලු බවට පත් කිරීම සඳහා සලකා බලන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, වැඩිදුර උපදෙස් අවශ්‍ය බැවින්, ක්‍රියා පටිපාටිය වහාම ක්‍රියාත්මක කළ නොහැකි බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සක් සූරීන් රෝගාතුරව සිටින නිසා ආපසු රැගෙන යාමට දෙන මෙන් 2022 මැද භාගයේදී තායිලන්ත සංරක්‍ෂකයින් කණ්ඩායමක් ඉල්ලා සිටීමත් සමඟයි මෙය මහජන අවධානයට ලක් වූයේ.

ඒ අනුව, දම්වැලකින් බැඳ තබා තිබීම සහ උත්සව අවස්ථා සඳහා නිතර භාවිත කළ බැවින් ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා තායිලන්ත පශු වෛද්‍යවරුන් සහ ඇත්ගොව්වන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ආපසු ගෙන යාම ප්‍රමාද වූ නමුත්, අවසානයේ පසුගිය වසරේ ජූලි මාසයේදී ඇතාව යළි තායිලන්තය වෙත ගෙනගියා.

TAGGED:Muthu Raja
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?