වේයන්ගොඩ වදුරාව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළව යට නිධානයක් සෙවීමේ කැණීම් කටයුතු ඊයේ (21) ආරම්භ විය.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම කටයුතු සිදුවේ.
මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක් පුරා අවස්ථා කිහිපයකදී නිධන් සොරුන් විසින් මෙම ස්ථානය හාරා ඇත.
එමෙන්ම අවස්ථා කිහිපයකදී නිධානය විවෘත කිරීමට යොදාගත් උපකරණ සමඟ පුද්ගලයන් කිහිප දෙනෙකුද ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර හිමිනමක් ද සිටින බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙහි නිධානයක් නොමැති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.
නමුත් පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ පෘථිවිය අභ්‍යන්තරයේ යමක් පවතින බවයි.
ඒ අනුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ, වයංගොඩ පොලිසියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් කැණීම් කටයුතු සිදු කෙරේ.