රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද (22) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය සහ ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනාම පසුගිය 18 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී දෙදෙනාගේම ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිඳ අද දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.