අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ පසුගිය වසරේ ජුනි 8 වැනිදා ආන්දෝලනාත්මක වීඩියෝවක් විකාශය කළේය.
විනාඩි 50කට ආසන්න කාලයක් විකාශය වූ අදාළ වීඩියෝවේ තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක, ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අසාද් මවුලානා නැමැත්තෙකු විසිනි.
අනතුරුව අදාළ වීඩියෝ පටයේ අන්තර්ගතය සොයා බලන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කළේය.
ඒ අනුව එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂ්තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
කෙසේ වෙතත්, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ඉල්ලා තිබුණා.
ඒ අනුව අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබූ අතර ඔහු අද පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.