මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 10 වනදා බදුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර පොලීසිය සමඟ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල පොලීසියට පැමිණීමෙන් අනතුරුව අද පෙරවරුවේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් බදුල්ල නගරයේ අංක 10 මුද්‍රණය කර ඇති ටී ෂර්ට්වලින් සැරසී ගමන් කරමින් සිටියදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඔහු මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ අංක 10 න් තරග කළේය.