By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලොහාන් සහ ශෂී නැවතත් රිමාන්ඩ්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > ලොහාන් සහ ශෂී නැවතත් රිමාන්ඩ්
අපරාධදේශීය

ලොහාන් සහ ශෂී නැවතත් රිමාන්ඩ්

Last updated: November 18, 2024 1:25 pm
2 Min Read
Share

නීතිවිරෝධී ලෙස එකලස් කළ මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය යළිත් වරක් ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් මස 02 වැනිදා දක්වාත් ඔහුගේ බිරිඳ නොවැම්බර් 22 වැනිදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

පසුගියදා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන අම්මුදෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක නවතා තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනුණා.

ඒ අනුව අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී එය නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් බවට අනාවරණ වුණා.

එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාව මත ඔක්තෝබර් 30 වැනිදා ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන පොලිසිය මගින් කටුගස්තොටදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එවන් පසුබිමක රත්වත්තේ මහතාගේ බිරියවන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මිය නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අනතුරුව නොවැම්බර් 7 වැනිදා සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ඒ අනුව සැකකරුවන් අද පෙරවරුවේ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයන්ට එරෙහිව ගොනු කර ඇත්තේ මෝටර් රථ පනත යටතේ වැරදි පමණක් බැවින් එම චෝදනා ඇප දිය හැකි බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔවුන් මුදා හැරිය යුතු බවයි.

කෙසේ වෙතත් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දෙසැම්බර් 02 වැනිදා දක්වාත්, සැකකාර ශෂී ප්‍රභා රත්වත්තේ මහතා නොවැම්බර් 22 වැනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

TAGGED:CrimeLohan RathwaththeLohan Rathwaththe Wife
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?