නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් අද (12) දිනයේදී ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන් නොවැම්බර් 13 වැනිදා සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, උතුරු පළාතේ විටින් විට වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
නැගෙනහිර, මධ්‍යම, ඌව, සබරගමුව, සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.