අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගමන් කරමින් සිටි තරුණියක් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ඇති බව හපුතලේ පොලීසිය පවසයි.
දැරිය සිටියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අංක 1045 ය.
පොලීසිය පැවසුවේ, අනතුරට ලක්ව ඇත්තේ රත්ගම, අරලිය උයන මාවතවිල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු බවයි.
ඇය ඇතුළු 18 දෙනෙකු ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී උදෑසන 6.30 ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයෙන් බැස නැවත දුම්රියට ගොඩවීමට යාමේදී ඇය ඉන් වැටී තිබෙනවා.
ඇය ඇදවැටීමත් සමග ඇයගේ වම් පාදය මතින් දුම්රිය ධාවනය වී බරපතල තුවාල සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරට පත් තරුණිය වහාම ප්‍රතිකාර සඳහා දියතලාව ප්‍රාථමික රෝහලට ඇතුළත් කර ඇති අතර, හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.