රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබේ.
ඖෂධ ගෙන්විම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රොශාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ 18දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඊට අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.