By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආරුගම්බේ ගැන අමෙරිකාවෙන් කළ ඉල්ලීමක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ආරුගම්බේ ගැන අමෙරිකාවෙන් කළ ඉල්ලීමක්
දේශපාලනදේශීය

ආරුගම්බේ ගැන අමෙරිකාවෙන් කළ ඉල්ලීමක්

Last updated: November 12, 2024 4:16 pm
1 Min Read
Share

නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉල්ලා අස්කර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගියදා අදාළ ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.

ආරුගම්බේ ප්‍රදේශය ඇතුළු මෙරට සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන බවට අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා නිකුත් කළා.

නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ බලා යාමෙන් වළකින ලෙස එරට සිටින අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

අදාළ නිවේදනයෙන් පසු තවත් රටවල් කිහිපයක් තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ මෙම කලාපවලට ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්ය.

එම තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල ආරක්‍ෂාව තර කිරීමට රජය කටයුතු කළ අතර එහි ආරක්‍ෂක කටයුතු නිරන්තරයෙන් නිරීක්‍ෂණය කිරීමට බුද්ධි අංශ යොදවා ඇත.

ඒ අනුව මේ වන විටත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම තත්ත්වය හමුවේ පසුගිය ඉරිදා ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියාකොන්ත මහතා ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවයි.

TAGGED:Arugam bayTourism
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?