By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Tuesday, May 20, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආරුගම්බේ සිද්ධියට හා ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ප්‍රධාන සැකකරු ගැන ඉරානයෙන් ප්‍රතිචාර
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > ආරුගම්බේ සිද්ධියට හා ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ප්‍රධාන සැකකරු ගැන ඉරානයෙන් ප්‍රතිචාර
විදේශීය

ආරුගම්බේ සිද්ධියට හා ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ප්‍රධාන සැකකරු ගැන ඉරානයෙන් ප්‍රතිචාර

Last updated: November 11, 2024 12:48 pm
2 Min Read
Share

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සහ එරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාර සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා ගැන ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා විදේශ අමාත්‍ය Abbas Araghchi ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ප්‍රතිවිරුද්ධ මත දරන දෙරට අතර විශ්වාසය ගොඩනඟන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi සිය “x” ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන්වන මට්ටමේ විකට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බව ඔහු සඳහන් කර ඇත.

අමෙරිකානු ජනතාව සිය තීරණය ගෙන ඇති බව සඳහන් කරන ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පවතින අයිතියට ගරු කරන බවද සඳහන් කර තිබේ.

ඉරානය පසු වන්නේ න්‍යෂ්ටික අවි පසුපස ගමන් කරන කාල පරිච්ඡේදයක නොවන බව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහන් කර ඇත.

විශ්වාසය ගොඩනැගීම දෙපාර්ශවයටම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය තනි මාවතක් නොවන බවත් ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi වැඩිදුරටත් පවසා තිබේ.

ඉරාන විප්ලවකාරී ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන Farhad Shakeri, Donald Trump ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

ඔහු මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් අරුගම්බේ ප්‍රහාරය සැලසුම් කළ බව ද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ෂකේරි 2019 වසරේ මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහු ඇෆ්ගන් ජාතිකයෙකු බවට විශ්වාස කරන අතර දැනට ඉරානයේ රැඳී සිටින බවයි.

TAGGED:Arugambay
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?