ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සහ එරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාර සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා ගැන ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා විදේශ අමාත්‍ය Abbas Araghchi ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
ප්‍රතිවිරුද්ධ මත දරන දෙරට අතර විශ්වාසය ගොඩනඟන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi සිය “x” ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන්වන මට්ටමේ විකට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බව ඔහු සඳහන් කර ඇත.
අමෙරිකානු ජනතාව සිය තීරණය ගෙන ඇති බව සඳහන් කරන ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පවතින අයිතියට ගරු කරන බවද සඳහන් කර තිබේ.
ඉරානය පසු වන්නේ න්‍යෂ්ටික අවි පසුපස ගමන් කරන කාල පරිච්ඡේදයක නොවන බව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහන් කර ඇත.
විශ්වාසය ගොඩනැගීම දෙපාර්ශවයටම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය තනි මාවතක් නොවන බවත් ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi වැඩිදුරටත් පවසා තිබේ.
ඉරාන විප්ලවකාරී ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන Farhad Shakeri, Donald Trump ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.
ඔහු මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් අරුගම්බේ ප්‍රහාරය සැලසුම් කළ බව ද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ෂකේරි 2019 වසරේ මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහු ඇෆ්ගන් ජාතිකයෙකු බවට විශ්වාස කරන අතර දැනට ඉරානයේ රැඳී සිටින බවයි.