By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පළමු තරගයේ ජය සිංහයන්ට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > පළමු තරගයේ ජය සිංහයන්ට
ක්‍රීඩා

පළමු තරගයේ ජය සිංහයන්ට

Last updated: November 10, 2024 5:17 pm
2 Min Read
Share

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

‍රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

නමුත් නවසීලන්ත නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටුකිරීමට පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැත.

ඒ අනුව, නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට ඉෂ් සෝදි සහ සැක් ෆෝක්ස් සමත්වුණේ නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන එමිනි.

ඊයේ දිනයේදී නවසීලන්තය වෙනුවෙන් කඩුල්ලකට ගොඩ නැගුණු ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.

ඒ අනුව නවසීලන්තයට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.

මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් රැස්කළ අතර සැක් ෆෝක්ස් නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 27කි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අතරේ කඩුලු දෙක බැගින් බෙඳී ගියේය.

ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු  140ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස්කළේය.

තරග දෙකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මේ අතර ඊයේ තරගයේදී කුසල් ජනිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම 20යි 20 ලකුණු රැසකළ පිතිකරු බවට පත්විය.

ඔහු අභිබවා ගියේ හිටපු නායක තිලකරත්ත ඩ්ල්ෂාන්ය.

TAGGED:Cricketsl vs nz
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?