නිරිතදිග පකිස්ථානයේ Quetta හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
පාකිස්තාන බෙදුම්වාදී ජනවාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පකිස්ථාන ආරක්ෂක අංශ මේ වනවිට කරුණු අනාවරණ කරමින් සිටිනවා.