එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට නොවැම්බර් 13 සහ 14 යන දෙදින නිවාඩු ලබාදී තිබෙනවා.
නොවැම්බර් 18 වනදා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
2024 මහ මැතිවරණය 14 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් 2024.11.12 දින පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරින් වෙත භාරදිය යුතුය.
ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදෙන ලෙස සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.
එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීම පරිදි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල්වලට නිවාඩු ලබාදෙන්නේ ලේඛනයේ සඳහන් පරිදි අදාළ පාසල් කාලය තුළ පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.