රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කළ මාස 06ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් ගොනුකර ඇති ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 12 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔවුන් වෙනුවෙන් ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.