පිරමීඩ වර්ගයේ සමාගමක ආයෝජනය කර ඇති රුපියල් මිලියන 1800කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශගත පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ සහ ඔහුගේ බිරිඳ ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු මැලේසියාවේ සැඟවී සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු රැගෙන ඒම සඳහා ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 68 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවත් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ විමර්ශන අඛණ්ඩව සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.