ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේ පතලක් මතට පස් ගොඩක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
මියගිය පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු පෞද්ගලික ඉඩමක මැණික් පතලක් හාරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.
මෘත ශරීරය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.