වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
එම යෝජනාව සහිත නව නීති ලබන සතියේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රකාශ කළා.
සමාජ මාධ්‍ය හරහා ඔස්ට්‍රේලියානු දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා මෙම නව නීති හඳුන්වාදීමට නියමිත බව සඳහන්.
එහෙත් දැනටමත් සමාජ මාධ්‍ය භාවිත කරන ළමුන් සඳහා මෙම තහනම ක්‍රියාත්මක නොවන බව පැවසේ.
එමෙන්ම දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන්ට මෙම තහනම අදාළ නොවන බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.
එහෙත් තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කළේය.