ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.
එහිදී වංචා දූෂණ අවම කිරීමට බ්‍රිතාන්‍ය පළාත් පාලන ක්‍රමය පිළිබඳව දෙපාර්ශවයේම කතාබහට ලක්ව තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.