ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් සිව් දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතල වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.
ඒ, 2015 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීමට නියමිත ආනයනික බස් රථ අමතර කොටස් මුදා හැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.
ඊට අමතරව එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය.