කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත මානකඩ මාර්ගයේ තුම්මෝදර ඇළ හරහා ගමන් කිරීමට ගිය කැබ් රථයක් ධාරානිපාත වර්ෂාවට හසුව ගසාගෙන ගොස් තිබේ.
ඊයේ (05) සවස මෙම අනතුර සිදුව ඇති අතර, කැබ් රථය මීටර් 50ක් පමණ දුරට ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත්, සිද්ධිය වන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු ඇතුළු සිව් දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.
මියගොස් ඇත්තේ බලල්කොටුව සහ කිරිබත්ගොඩ ප්රදේශවල පදිංචි 27 සහ 69 හැවිරිදි දෙදෙනෙක්.
මෘත ශරීර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර කොස්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.