By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: IPL ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 සහ 25 වැනිදා.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > IPL ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 සහ 25 වැනිදා.
දේශීය

IPL ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 සහ 25 වැනිදා.

Last updated: November 6, 2024 10:41 am
1 Min Read
Share

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වීමට නියමිතයි.

IPL ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් පිටත පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි.

ඉන්දීය ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලියේ තුන්වන සහ සිව්වන දිනවලදී මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම තවත් විශේෂත්වයක්.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කරයි.

ඉන් 1165 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ක්‍රීඩකයින් 409 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන බවයි වාර්තා වන්නේ.

මෙම වෙන්දේසිය සඳහා වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්.

මේ අතරින් කණ්ඩායම් 10ක් විසින් 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් 204ක් තෝරා ගනු ඇත.

විදෙස් ක්‍රීඩකයින් 70 දෙනෙකු කණ්ඩායම්වලට ඇතුළත් කිරීමට නියමිතයි.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා ගත හැකිය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වැඩිම මුදලකට එක්වන අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අඩුම මුදලකට වෙන්දේසියට එක්වනවා.

TAGGED:CricketIPL
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?