සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයට මුදාහරින බවට ප්‍රකාශ කළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ පිරිමි පුද්ගලයෙකු අමතා නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන එම ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් අදාළ පුද්ගලයා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (05) දෙහිවල පොලිස් වසමේ කවුන්සිල මාවතේදී පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකි.
වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.