By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Tuesday, May 20, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගාලු මුවදොර පිටිය ගැන විශේෂ තීරණයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ගාලු මුවදොර පිටිය ගැන විශේෂ තීරණයක්
දේශීය

ගාලු මුවදොර පිටිය ගැන විශේෂ තීරණයක්

Last updated: November 6, 2024 12:00 pm
1 Min Read
Share

ගාලු මුදොර පිටිය විවිධ සමාජ කටයුතු සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙන්ම ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” සංකල්පය මත ගාලු මෝය පරිපාලනය වඩාත් ක්‍රමවත් හා විනිවිද භාවයකින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

TAGGED:Gallle Face
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?