කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මැලේසියාවේ සිට පැමිණි තායි ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5ක් බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.
අදාළ කාන්තාව සිය ගමන් මල්ලේ සඟවාගෙන සිට ඇත්තේ අයිස් නැමැති මත්ද්‍රව්‍යයක් බවයි ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පැවසුවේ.
පසුගිය පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස, මොරටුව, බොරැල්ල, දෙමටගොඩ සහ පෑලියගොඩ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ගල්කිස්ස ගුවන්තොටුපොළ හන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සමඟ කාන්තාවක් සහ මොරටුව ලක්ෂපති ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 370ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 780ක් සමඟ පුද්ගලයෙකු ද දෙමටගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 850ක් සමඟ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව පෑලියගොඩ, පෝරණුකොටුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 600 ක් සමඟ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.