නීතිවිරෝධී ලෙස මෝටර් රථය එකලස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශී ප්‍රභා රත්වත්තේ මහත්මිය ද ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනීසිටීමෙන් අනතුරුවය.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට අවස්ථා කිහිපයකදී ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දන්වා තිබූ බව සඳහන්.
ඒ අනුව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා.