විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, ගාස්තු සංශෝධනයට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බවයි.
ඒ අනුව එම යෝජනාව ලබන මස 8 වැනිදාට පෙර කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.
පසුගිය ඔක්තෝම්බර් මස 24 වනදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
මේ හේතුවෙන් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා.
කෙසේ වෙතත්, මේ වසරේ අවසන් මාස කිහිපය තුළ ලබාගත් ලාභයට සාපේක්ෂව ලංකා විදුලිබල මණ්ඩලය අඩුකිරීමට යෝජිත ගාස්තු ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවට ඇතැම් පාර්ශවවල මතය වී තිබුණා.
කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ නව යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රති යෝජනාවක් සකස් කරන බවයි.