මහනුවර වික්ටෝරියා පාර්ක් නිවාස සංකීර්ණයේ නිවසක් අසල නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව අදාළ රථය පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ (31) පස්වරුවේ මෙම ඇමතුම ලබාදී ඇති අතර, තෙල්දෙණිය පොලිසිය සිදුකළ සෝදිසි කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව එම ලියාපදිංචි අංකය සහිත තවත් වාහනයක් මහනුවර වත්තේගම ප්‍රදේශයේ තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.