ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් ව්‍යවස්ථාපිත නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 06 කින් අඩු කර ඇත. රු. 377 ක් ව පැවති එහි නව මිල රු. 371 කි.
රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313කි.
කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් ව්‍යවස්ථාපිත නීතිගත සංස්ථාව නිවේදනය කළා.
මේ අතර, ලංකා ඛණිජ තෙල් ව්‍යවස්ථාපිත නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
මේ අතර, ලංකා ඛණිජ තෙල් ව්‍යවස්ථාපිත නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
කෙසේ නමුත් සයිනොපෙක් සමාගම රුපියල් 280ක්ව පැවති ලංකා සුදු ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින මිල වන රුපියල් 283 දක්වා ඉහළ දමා තිබේ.
