හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සෙවණගල ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 40ක් සොයාගත් බව වාර්තා වේ.
විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් බිලියනයක් බව පැවසේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.