මෙරට පොල් නිෂ්පාදනය පහත වැටීම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය නයනි ආරච්චිගේ සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
නිසි කලට වර්ෂාපතනයක් නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව වෛද්‍ය නයනි ආරච්චිගේ සඳහන් කළාය.