By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දීපාවලී දිනය අදයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > දීපාවලී දිනය අදයි.
දේශීය

දීපාවලී දිනය අදයි.

Last updated: October 31, 2024 8:47 am
2 Min Read
Share

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබෙනවා.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් අද(31) දීපාවලී දිනය සමරනවා.

ලෝකවාසි හින්දු බැතිමතුන් පහන් දල්වා ආලෝක පූජා පවත්වා කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවීම දීපාවලී දිනයේ සිදු කරනු ලබනවා.

විශේෂයෙන් අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් පූජා, අලෝක පූජා පැවැත්වීම දීපවාලි දිනයේ සුවිශේෂ චාරිත්‍රයක්.

දීපාවලි දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ දශක ගණනාවක් පුරා අදුරේ අතපතගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රි ලාංකික ජනතාව මේ වනවිට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටින බවයි. දීපාවලී දිනයේදී සියලු සිත් තුළ ප්‍රඥා ආලෝකය පැතිරේවා යන්න තමා ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. එමෙන්ම, සියලු අපේක්ෂා යථාවත් කරගැනීමට සංස්කෘතික, දේශපාලනික සහ ආකල්පීය පරිවර්තනයක් අත්‍යවශ්‍ය බවද එහි දැක්වෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දීපාවලී උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ දීපාවලී දිනය සෑම කෙනෙකුගේ ජීවිතය ආලෝකය, ප්‍රීතිය සහ නවතාවයන් ගෙනෙන බවයි. සෑම කෙනෙකුටම නිදහස, ගෞරවය සහ අයිතිවාසිකම් අත්විදිය හැකි ලෝකයක් ගොඩනැගීම සිය අභිප්‍රාය බවද එහි දැක්වෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද දීපාවලී දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් කියා සිටියේ වෛරයෙන් තොරව සහෝදරත්වය පතුරවන දීපාවලී දිනයක් ප්‍රාර්ථනා කරන බවයි.

මෙම දීපාවලීයේදී ජාති, කුල, ආගම්, පන්ති භේදවලින් තොර සියලුදෙනාම එක්ව අත්වැල් බැද ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.

TAGGED:DipavaliHolidayTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?