කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අද (31) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන උදය කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දන්වා ඇත.
ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක ඉහළ අගයක් සමඟ වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.