මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා”ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන “ආමි චූටි” නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී රුපියල් මිලියන 285කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.