ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට සංවිධානය කරන ශ්‍රී ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තේරීම නොවැම්බර් 10 වැනිදා කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) නිවේදනය කළේය.
දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් පළමුවැනිදා සිට ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය.