පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අද (30) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ පහළගොඩ, පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.
එම යුවළ ඊයේ (29) රාත්‍රියේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයේ තිබී හිසේ වැදී ඇතැයි සැලකෙන කුඩා කළු ගලක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක සිට මෙම සම්බන්ධය සම්බන්ධයෙන් තරුණ යුවළ නිරන්තරයෙන් ආරවුල් ඇති කරගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ.
පහරදීමෙන් පසු සැකකරු මිතුරෙකුට කතාකර පෙම්වතිය 1990 සුවසැරිය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය ගිය බව සඳහන්.
කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන රසායනාගාර නිලධාරීන් සහ පයාගල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරු පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වන අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.