මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් 01 වැනිදා නිවාඩු ලබාදී තිබේ.
ඔක්තෝඹර් 31 දීපවාලී උත්සවය නිමිත්තෙන් ඒ ඒ පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබා දී ඇත.
එලෙස නිවාඩු ලබා දෙන දෙමළ පාසල් නොවැම්බර් 9 වැනිදා අතිරේක පාසල් දිනයක් ලෙස පැවැත්වීමට ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් තීරණය කර ඇත.