වෙළඳපොලේ පවතින ලාෆ්ස් ගෑස් හිගය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව සමාගම පවසයි.
බෙදාහැරීමේ ගැටලුවක් හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයක මේ වනවිට ලාෆ්ස් ගෑස් හිගයක් පවතින බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වගපිටිය මහතා ප්රකාශ කළේය.
මැදපෙරදිග රටවල පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්රමාද වූ බවත්, ලාෆ්ස් සමාගමේ ප්රධාන පර්යන්තය ජලයෙන් යට වූ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඊයේ (28) ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට ළඟා වී තිබේ.
ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත දිවයින පුරා ගෑස් තොග බෙදා හැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වගපිටිය මහතා සඳහන් කළේය.