මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (30) ආරම්භ වීමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලුම පොලිස් ස්ථානවලට හෙට දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
හෙටට අමතරව නොවැම්බර් 4 වැනිදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට ද අදාළ කාර්යාලවලට අවස්ථාව ලබාදී තිබෙනවා.
මීට අමතරව ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් මස පළමු වැනිදා සහ නොවැම්බර් 4 වැනිදා සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
මේ අතර, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බවයි.