පොදු ස්ථානවල Free Wi-Fi භාවිත කිරීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ මෙවැනි ස්ථානවල වයිෆයි භාවිත කිරීමේදී පෞද්ගලික තොරතුරු සොරාගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් තම සංසදයට ලැබී ඇති බවයි.
එබැවින් පොදු ස්ථානවල Free Wi-Fi භාවිතා කරමින් අන්තර්ජාල කටයුතු සිදු කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බව ඔහු පැවසීය.