නව රජය මෙතෙක් මුදල් මුද්‍රණය කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
තමන් මෙතෙක් කිසිදු විදේශීය ආයතනයකින් විදේශ ණයක් ලබාගෙන නොමැති බවද ඔහු පැවසීය.
අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.